ශ්‍රී ලංකා

හිත්පිත් නැතිව අමානුෂික ලෙස දරුවෙකුට දුන් දඬුවම !

වැලිඔය හංසවිල ප්‍රදේශයේ දරුවකුට අමානුෂික ආකාරයෙන් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරණය වනු දක්නට ලැබීය. ඒත් සමග පොලිසිය එම පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර එම සිද්ධියට සම්බන්ධ පිරිස නිවෙස හැරදා පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.

පියකු විසින් තම කුඩා දරුවාට බත් කවමින් අමානුෂික ආකාරයෙන් පහර දෙන වීඩියෝව සමාජ මාධ්‍යට එක් වීමෙන් පසු වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයන් ආරම්භ කොට ඇත. ස්ථානාධිපතිවරයා එම නිවසට යන විටත් නිවැසියන් පළා ගොස් සිටි බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

වැලිඔය, හංසවිල, 2 වන පියවර කළ්‍යාණිපුර ගම්මානයේ නිවසක මෙම සිදුවීම සිදුව තිබෙන අතර අදාළ පහර කෑමට ලක්වන දරුවාගේ පියා දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහී වූවකු බවට පොලීසිය හඳුනාගෙන ඇත. කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද නමින් ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම පුද්ගලයා මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම දරුවාට අමානුෂිකව පහරදී ඇති අතර ඔහුට ඇති බිය නිසා කිසිවෙකු පොලීසියට මේ පිළිබඳව දැනුම් දී නොමැති බවද අසල්වාසීන් පොලීසියට දැනුම් දී ඇත.

අදාළ දරුවාගේ පියා අත්අඩංගුවට ගැනීමට වැලිඔය පොලිසයේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසයි. කෙසේ නමු​ත් සැකකරු සොයා මේ වන විට පුළුල් පරීක්ෂණයක් අරඹා ඇති අතර ඔහු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් ළඟම ඇති පොලීසියට හෝ සම්පත්නුවර පොලීසියට දැනුම් දෙන ලෙසටද පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago