ශ්‍රී ලංකා

ඉන්දීය අඹුසැමි යුවළක් කිරින්දේ දී මුහුදට බිලිවෙයි !

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉන්දීය ජාතික අඹු සැමි යුවළක් තිස්සමහාරාම, කිරින්ද මුහුදු වෙරළේ රළ පාගමින් සිටි අවස්ථාවේ සැඩ රළපහරකට හසු වී ගසාගෙන ගොස් මුහුදේ ගිලි මිය ගොස් ඇතැයි කිරින්ද පොලිසිය පවසයි.

මෙම අඹුසැමි යුවළ රළ පහළට අසූවී ඈත දියඹට ගසාගෙන යද්දි දෙදෙනා සමග පැමිණි ඥාතීන් දෙදෙනකු ආධාර ඉල්ලා කෑ ගැසූ අවස්ථාවේ සිටි පිරිසක් පැමිණ මුහුදට පැන පීනා ගොස් දෙදෙනාම ගොඩට රැගෙන ඇවිත් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

කාන්තාව ඒ වන විටත් මියගොස් ඇති අතර පිරිමි පුද්ගලයාට පණ තිබෙන බව පෙනී යාම නිසා ඔහු දෙබරවැව රෝහලට ඇතුළත් කර තිබේ.

වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ඔහුද මියගොස් ඇති බව දැනුම් දුන්නේ යැයි පොලිසිය පවසයි.

මෙම අඹු සැමි යුවළ රළ පෑගීමට ගොස් සිටි ප්‍රදේශය අනතුරුදායක බවට භාෂා තුනෙන්ම පුවරු ප්‍රදර්ශනය කර රතු පැහැති කොඩිද එල්ලා තිබුණු බව පොලිසිය සඳහන් කරයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago