ඉන්දීය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවත වරක් ජයග්‍රහණය කර තිබෙනවා.
නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ මූලස්ථානය ඒ බව ප්‍රකාශයට පත්කළා.
එම පක්ෂ මූලස්ථානයේ සිට ජනතාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයින්ට ස්තූතිය පුදකළා.
එරට මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද ප්‍රතිඵලවලට අනුව, ආසන 543කින් යුත් ලෝක් සභාවෙන් භාරතීය ජනතා පක්ෂයට ආසන 240ක් පමණ දිනාගෙන තිබෙනවා.
මේ අතර, භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ආසන 300කට වඩා වැඩි චන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ඒ අනුව, ඉන්දීය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සන්ධානය ජයග්‍රහණය කර තිබෙනවා.
ඉන්දීය මැතිවරණ ඉතිහාසය තුළ ජවහල්ලාල් නේරුට පසු මැතිවරණයක් තෙවරක් ජයග්‍රහණය කර ඉන්දීය අගමැති බවට පත්වූ එකම නායකයා බවට නරේන්ද්‍ර මෝදි පත්වනු ඇත.
කෙසේනමුත්, අවසන් ප්‍රතිඵලය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් වාර්තා කිරීමක් සිදුකර නැහැ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය මෝදිගේ නායකත්වය යටතේ දෙරට අතර සබඳතාවල අඛණ්ඩතාව ගැන විශ්වාසය තහවුරු කරන බබ එම සුභපැතුමේ වැඩිදුරටත් සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…