ක්‍රිකට්

World Cup 2024 – සුපිරි පන්දුවාරයකි​න් පාකිස්තානය පරදවමින් ලෝක කුසලානයේ පළමු පෙරළිය ඇමෙරිකාවෙන් (VIDEO)

2024 T20 ලෝක කුසලාන තරඟාවලි​යේ (World Cup 2024) පළමු පෙරළිය සිදු කරමින් තරගාවලියේ 11 වැනි තරගයේ දී ප්‍රබල පාකිස්තානය පරදා සුපිරි පන්දුවාරයේ දී ජය වාර්තා කිරීමට සම සත්කාරක ඇමෙරිකා එක්සත් ජනපදය සමත් වුණා.

ඩලස්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇමෙරිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය කඩුලු 7 ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමෙරිකාව ද පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 3 ක් දැවී ලබා ගත්තේ ලකුණු 159 ක් පමණයි.

අනතුරුව තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කෙරුණා. පාකිස්තානය වෙනුවෙන් මොහමඩ් අමීර් විසින් සුපිරි පන්දුවාරය යොමු කළ අතර, එම පන්දුවාරයට ඇමෙරිකාව කඩුල්ලක් දැවී ලකුණු 19 ක් රැස් කළා. ඒ, අතිරේක ලකුණු 7 ක් ද සමගින්.

පිළිතුරු ලෙස ඇමෙරිකාව වෙනුවෙන් සුපිරි පන්දුවාරය යොමු කළේ සෞරබ් නෙට්‍රාවල්කර විසින්. ඉෆ්ටිකාර් අහ්මඩ් හා ෆකාර් සමාන් පන්දුවට පහර දීමට පිවිසි අතර, ඉෆ්ටිකාර් ලකුණු 4 ක් ලබා සිටියදී දැවී ගියේ 3 වැනි පන්දුවේදීයි. ශඩාබ් ඛාන් අනතුරුව පිටියට පිවිසි නමුත්, පාකිස්තානය ජයග්‍රනය කරා රැගෙන යාමට ඔහුට හැකි වූයේ නැහැ. පාකිස්තානය එම පන්දුවාරයේ දී කඩුල්ලක් දැවී ලබා ගත්තේ ලකුණු 13 ක් පමණයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ නායක බාබර් අසාම්. ඔහු පන්දු 43 කින් ලකුණු 44 ක් රැස් කළා. ශඩාබ් ඛාන් ​පන්දු 25කින් ලකු​ණු 40යි. සෙසු කිසිදු මුල්පෙල හෝ මැද පෙල පිතිකරුවෙකුගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබුණේ නැහැ.

ශහීන් ශාහ් අෆ්රිඩි නොදැවී පන්දු 16කින් වේගවත් ලකුණු 23ක් රැස් කළ අතර, ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 18යි. පන්දු යැවීමේ දී Nosthush Kenjige ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Saurabh Netravalkar ලකුණු 18 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඇමෙරිකානු ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 36 කට සීමා කරමින් Steven Taylor ලකුණු 12 කට දැවී ගියා. අනතුරුව දෙවැනි කඩුල්ල සදහා පන්දු 48 කින් ලකුණු 68ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට නායක Monank Patel හා Andries Gous සමත් වුණා.

Andries Gous පන්දු 26 කින් ලකුණු 35 ක් රැස් කර සිටියදී දැවී ගියා. නායකත්වයේ වගකීම ඉහළින්ම ඉටු කළ Monank Patel පන්දු 38 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 50 ක්. හයේ පහරක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

Aaron Jones පන්දු 26 කින් නොදැවී ලකුණු 36 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය ආසන්නයටම රැගෙන යාමට සමත් වුණා. හැරිස් රවුෆ් යොමු කළ අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමිනුයි Nitish Kumar තරගය සුපිරි පන්දුවාරයකට රැගෙන ගියේ. Nitish Kumar නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 14(14) ක්.

පන්දු යැවීමේ දී මොහමඩ් අමීර්, නසීම් ශාහ් හා හැරිස් රවුෆ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා බවට පත්වූයේ ඇමරිකානු ඉනිමේ නැංගුරම බවට පත්වූ නායක මොනන්ක් පටෙල්

Ceylon News Factory

Recent Posts

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න -වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

6 minutes ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

55 minutes ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

2 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

4 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

5 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

5 hours ago