ශ්‍රී ලංකා

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අලි සබ්රිගෙන් සැර ප්‍රකාශයක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලයක මෙය වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින්.

2023 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී ලද පරාජය සඳහා විස්සයි විස්ස ලෝක කුසලාන පරාජය හුදකලා සිදුවීම් නොවන බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති වී තිබෙන ගැටලුවලට තාවකාලික විසඳුම් නොමැති බව ද ඔහු පෙන්වා දෙන්නේ.

ඒ සඳහා නිර්භීත, වෘත්තීය ප්‍රවේශයක් ගත යුතු බවත් පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත්ව ඇති ක්‍රිකට් ක්‍රීඩාව ඉන් මුදාගත යුතු බවත් අලි සබ්රි මහතා අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ක්‍රීඩා නීතියක් හා ව්‍යවස්ථාවක් බලාත්මක කළ යුතුයි.

මෙරට ක්‍රිකට්, ක්‍රීඩාවක් හෝ ව්‍යාපාරයක් නොවන අතර එය ශ්‍රී ලංකීක ජාතියේ ආත්මයේ පිළිබිඹුවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාර්ථකත්වය මූල්‍ය ප්‍රතිපාදන මගින් මනිනු නොලබන අතර එය අත්පත් කර ගන්නා ජයග්‍රහණය සහ අපගේ ජනතාව තුළ ඇති කරගන්න ආශ්වාද මත රඳා පවතියි.

Team CNF

View Comments

  • දේදේශපාලනයද පුද්ගලික මුදල් උපයා ගන්නා ව්‍යාපාරයක් වී
    ඇතිවිට ක්‍රීඩා සමාජ කුමන කතාද

  • It is very true. What honourable minister says is very correct. What a cricket we played until 2014. SLCB have increased our cricketers payment for each category. SLCB providing them very lucrative facilities and we have to have a very close discussion where went wrong.
    My personal opinion is current players have enough of money and they always kept their mind on money only not the game and country. It's a poor cricket and still our cricketers have not been concentrate sri Lankan cricket they work for hidden ajenda behind them. When we closely see our coaches behaviour and their attitudes we could see they also having some kind of struggling situation.

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago