එළැඹෙන ඔක්තෝබරයේ සිට වාහන ආනයනය සදහා අවසර ලබා දීමට රජය සූදානමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.
මුලින්ම, කාර්මික සහ බර වාහන ආනයනයට අවසර දීමට රජය තීරණය කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
දෙවනුව, ත්‍රී රෝද රථ සහ යතුරු පැදි ආනයනයට අවසර දීමත්, තුන්වනුව පුංචි කාර් ආනයනයට අවසර දීමටත් සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර සුඛෝපභෝගී මෝටර් රථ ආනයනයට අවසර දීම අවසාන වශයෙන් සිදු කිරීමට නියමිත බව සඳහන්.
වාහන ආනයනයේ දී විදුලි මෝටර් රථ සදහා ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය පසුගියදා අවධාරණය කළා.
එමෙන්ම රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය අනුව, වසරක් තුළ ආනයනය කළ යුතු වාහන ප්‍රමාණය පිළිබදව මහබැංකුවෙන් උපදෙස් ලබා ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
මීට අමතරව දේශීය වශයෙන් වාහන එකලස් කිරීමේ කර්මාන්තය දිරිගැන්වීමට රජය කටයුතු කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…