ශ්‍රී ලංකා

T-20 ලෝක කුසලානයේ, ඉන්දු පාකිස්ථාන තරඟයට පෙර දුන් සංඥාව සමාජ මාධ්‍ය කලඹයි (VIDEO)

T-20 2024 ලෝක කුසලානයේ ඉතා තියුණු තරගයක් වනු ඇතැයි සියල්ලෝ අනුමාන කළ ඉන්දු – පාකිස්ථාන තරඟයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව අද (10) සමත් වුණා.

තරගාවලියේ 19වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරු 08.00ට Nassau County International Cricket Stadium, New York හිදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පළමු පන්දුවාරය අවසන් වී ලකුණු 08ක් ලබා සිටියදී පිටියට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නැවැත්වීමට සිදුවුණා.

කෙසේ වෙතත් මෙම තීරණාත්මක තරග‍ය ආරම්භ වීමට පෙර එක් සුවිශේෂී සිදුවීමක් පිළිබඳව සමාජ මාධ්‍යයේ බොහෝ දෙනාගේ අවධානය යොමුව පවතිනවා.

ඒ එම ඉහළ අහසේ ඉම්‍රාන් ඛාන් නිදහස් කරන්න ලෙස සටහන් කළ බැනරයක් සහිත ගුවන් යානයක් නසාවු ප්‍රාන්තයට ඉහළින් පියාසර කිරීමයි.

මෙය හිටපු අගමැති ඉම්‍රාන් ඛාන්ගේ අධාරකරුවන්ගේ ක්‍රියාවක් විය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින අතර ඔවුන්ගේ අනන්‍යතාවය තවමත් තහවුරු කරගෙන නැහැ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago