ශ්‍රී ලංකා

රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේ ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ඉදිරියට !

ආසියානු සමාජ සේවා ක්ෂේත්‍රයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන එසේත් නොමැති නම් NGO ක්ෂේත්‍රයේ 2022 වසර වන විට අත් කරගෙන තිබූ කළු පැල්ලමෙන් මිදී ඉදිරියට ඒමට 2024 වසර වන විට සමත්ව තිබෙනවා.

ආසියාවේ සමාජ සේවා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශස්ත බව මැන බැලෙන Doing Good Index 2024 වර්ෂයට අදාළ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට එමින් කාම්බෝජය,ඉන්දියාව,
ඉන්දුනීසියාව,නේපාලය පකිස්ථානය තායිලන්තය හා වියට්නාමය යන රටවල් සමඟ Doing Okay කාණ්ඩයට ඇතුළත් වීමට සමත්ව තිබේ.

2022 දර්ශකයට අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග ශ්‍රේණිගත කිරීම් වල Not Doing Enough කාණ්ඩයට ඇතුළත් වී තිබිණි.

පසුගිය කාලය පුරාම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ මග පෙන්වීම මත සිදුකෙරුණු බොහෝ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල අනුව රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය දර්ශක වල ඉදිරියට ගෙන ඒමට හැකිවූ බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.

වසර දෙකෙන් දෙකට මැන බලන මෙම දර්ශකයේ සිංගප්පූරුව හා චීන,තායිපේ රටවල් අයත් වන Doing well කාණ්ඩයට 2026 වසර වන විට ඇතුලත් වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදුකර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා පැවසීය.

මෙම ශ්‍රේණිගත කිරීම් වලට අදාළ සියලු දත්ත මෙසේය.

Team CNF

Recent Posts

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න -වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 minutes ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 hour ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

2 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

4 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

5 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

5 hours ago