ශ්‍රී ලංකා

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑලත් නවතී !

ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් අද (12) මාධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක කාලයක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්වන බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසයි.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය සඳහා වෘත්තීය සමිති 23 කට අයත් සේවකයන් විසිඑක්දහසක් සම්බන්ධ වන බවත් මෙම ක්‍රියාමාර්ගයට අනුව නිසි ප්‍රතිචාර නොමැති වුවහොත් 24වන දින සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බවත් එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

තැපැල් දෙපාර්තමේන්තුව තුළ පුරප්පාඩු පන්දහසකට අධික ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත් පවතින පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම නිසා සේවා සැපයීමේදී ගැටලු රැසක් ඇති වී තිබෙන බවද පවසා සිටියේය.

මීට අමතරව උපතැපැල් ස්ථානාධිපති තනතුරේ හාරසියකට ආසන්න ප්‍රමාණයක් වැඩබලන පදනමින් වසර ගණනාවක් සේවය කරමින් තිබෙන බවත් මෙම පිරිස් සේවයේ ස්ථිර කරන ලෙසට බලධාරීන්ගෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර තිබෙන බවද සඳහන් කළේය.

මේ පිළිබඳ ඊයේ (11) බලධාරීන් සමග සාකච්ඡා කළ බවත් එහෙත් අදාළ සාකච්ඡාවලදීත් නිසි විසඳුම් නොලැබුණ බවත් මේ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක් වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කළ බවත් මෙම ක්‍රියාමාර්ගය මධ්‍යම තැපැල් හුවමාරුව තුළ හා තැපැල් කාර්යාල, උපතැපැල් කාර්යාල හා පාලන කාර්යාල තුළ සිදුවන බවද පැවසීය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago