සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන් ගත් ජිප් රියේ ගැටී තුවාල ලැබූ තරුණයා ඊයේ (11) මිය ගොස් තිබෙනවා.
එම තරුණය කොළඹ ජාතික රෝහලේ දින 8ක් තිස්සේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ තරුණයාගේ වකුගඩු අක්මාව ඇතුළු අවයව ජීවිතය යදින තවත් පුද්ගලයින් තිදෙනෙකුට ජීවිතය ප්‍රදානය කිරීම සඳහා දන් දීම අද රාත්‍රී 09ට පමණ සිදුවීමය. තරුණයා ජීවත්ව සිටි කාලයේ සිදුකළ කැමැත්ත ප්‍රකාශ කිරීම ප්‍රකාරව ඔහුගේ භාරකරුවන් එම උත්තම සද්කාර්යයට අවසර දී තිබේ.
නලීන් බණ්ඩාර මන්ත්‍රිවරයා ගමන් ගත් සුඛෝපභෝගී රථය අධික වේගයෙන් ධාවනය වී ඇති බවත් වැසි සහිත අවස්ථාවේ දී එය පාලනයෙන් ගිලිහී යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් වාර්තා වේ. මන්ත්‍රීවරයා නුවර දෙස කොළඹ දක්වා ගමන් කරමින් සිට ඇත.
අවධානයට ලක් විය යුතු විශේෂ සිදුවීම වන්නේ මරණය සිදුවන මොහොත දක්වාම පොලිසිය පාර්ශවයෙන් මේ අසරණ මිනිස්සුන්ට සාධාරණයක් ඉටු වීමට ඇති ඉඩකඩ අසුරා තිබීම සම්බන්ධව චෝදනා එල්ල වීමය.
පසුගිය සතිය පුරා මාධ්‍ය අංශ ද මේ සම්බන්ධව පොලිසියෙන් විමසන සෑම අවස්ථාවකම ඔවුන් නිශ්ඡිත පිළිතුරු දීම මහරිමින් සිටින ආකාරය නිරීක්ෂණය විය.
මව අහිමි තරුණයාගේ පියා මේ වනවිට බරපතල මානසික වියවුලකට පත් වී ඇති අතර විදේශගතව සිට මේ ආරංචියත් සමග නිවසට පැමිණ ඇති සොයුරිය ද රෝගී වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන ඇත. ගහක් ගලක් සේ සිටි දරුවාගේ වියෝවෙන් මේ තාත්තා මේ වනවිට මුලුමනින්ම බිඳ වැටී සිටී.
මේ සිද්ධිය සම්බන්ධ විමර්ශන පැවරී ඇත්තේ නිට්ටඹුව පොලිසිය වෙතය. පරික්ෂණ සිදුවන දිශාව සම්බන්ධව ප්‍රදේශවාසීහු අවධානයෙන් බලාගෙන සිටිති.
මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේ අද සවස වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව…
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික…
තලවතුගොඩ ප්‍රදේශයේ සමාජ ශාලාවක් අසල අද (19) අලුයම සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…
කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බව කෘෂිකර්ම,…
යූකැලිප්ටිස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් (19) දින උදෑසන 10:00ට පමණ පුද්ගලයෙකු එම…
කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ ජනතාවගෙන්…