ශ්‍රී ලංකා

Smart රටක් වෙනුවෙන් Smart තරුණ පරපුරක් සඳහා Smart Yourth Exibition !

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ සංකල්පයක් මත ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන Smart Yourth 2024 වැඩසටහන ජුනි මස 14 සහ 15 දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජවසම්පන්න තරුණ බලවේගයක් තුළින් තිරසාර සංවර්ධිත රටක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලාංකේය තරුණ පරපුර තුළ ධනාත්මක පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින් Smart Yourth Exibition වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ අනුව වර්තමානයේ තරුණ පරපුර මුහුණ දෙන ගැටලු ජාතික තරුණ සේවා සභාව විසින් හඳුනාගෙන ඇති අතර එම ගැටලු, අවශ්‍යතා සඳහා විසඳුම් ලබාදිය හැකි එක් ස්ථානයක් නිර්මාණය කිරීම මෙහිදී සිදු වේ. ඒ අනුව තරුණ තරුණියන්ට මෙම ප්‍රදර්ශන මාලාව හා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ගැටලු විසඳා ගනිමින්, සිය අදහස් සහ යෝජනා ද ඉදිරිපත් කරමින් රට සංවර්ධනය කරා යන ගමනට තරුණයින් ලෙස දායක වන්නේ කෙසේද යන පූර්ණ ක්‍රියාවලිය එක් ස්ථානයක ගොනු කර තිබේ.

Smart Yourth Exibition වැඩසටහන තුළ විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රදර්ශන කලාප කිහිපයක් සහ විවිධ අංග, තරඟ සංවිධානය කර තිබේ. එනම්,

  • නවීන ලෝකයට ගැළපෙන වෘත්තීය පුහුණු පාඨමාලා
  • දේශීය සහ විදේශීය අධ්‍යාපන සහ රැකීරක්ෂා අවස්ථා
  • ව්‍යවසායකත්ව දැනුම සහ ව්‍යාපාර ණය පහසුකම්
  • Smart Agriculture
  • පෞරුෂය වර්ධනය සහ නායකත්ව පුහුණුව
  • ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ තාරුණ්‍යය ආකර්ශනය වන අශ්වාරෝහක සංදර්ශන, යතුරුපැදි සංදර්ශන ඇතුළු බොහෝ අංගයන්
  • මත්ද්‍රව්‍ය නිවාරණය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයන් පුනුරුත්ථාපනය සම්බන්ධ වැඩසටහන්
  • සෞන්දර්ය සහ කලා කෞශල්‍ය වර්ධනය වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහන්
  • සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ විශේෂ පහසුකම් සලසාදීමේ සේවා කුටි
  • පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්ගේ සේවාව ලබාගත හැකිවීම සහ ගැටළු සඳහා විසඳුම් ලබාදීම
  • ප්‍රදේශයේ පාසල් සම්බන්ධකොට ගත් තූර්‍යය වාදක තරඟ හා නර්තන වැඩසටහන්
  • කුඩා දූ දරුවන්ට සහභාගීවිය හැකි සැණකෙළි භූමි පරිශ්‍රයක්
  • තාරුණ්‍යයේ දක්ෂතා උරගා බලා රුපියල් මිලියන ගණනින් මුදල් ත්‍යාග ඇතුළු අනෙකුත් ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවන්
Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago