ශ්‍රී ලංකා

රග්බි සංගමයේ ව්‍යවස්ථාවට හෝ නිළවරණවලට ක්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධ නෑ !

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ව්‍යවස්ථා කෙටුම්පත අනුමත කිරීමේ ක්‍රියාවලිය හෝ නිළවරණය සම්බන්ධයෙන් ඇති ක්‍රියාවලියට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හෝ ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත් බවට සිදුකරන ප්‍රකාශයන් පදනම් විරහිත බවත්, ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ කිසිඳු බලපෑමක් නොමැති බවත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියාද් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

ඉහත ක්‍රියාවලිය සඳහා යටිතල පහසුකම් සැපයීම සහ සම්බන්ධීකරණ කටයුතු පමණක් සිදුකරන බවත් කිසිඳු අවස්ථාවක එම ක්‍රියාවලීන් සම්බන්ධයෙන් වගකීමක් හෝ දායකත්වයක් නොමැති බවත් එම නිවේදනයේ සදහන් වනවා.

මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් එම මහතා දක්වන්නේ,

2023 වසරේ ඔක්තෝම්බර් මාසයේ ජාත්‍යන්තර රග්බි සංගමය විසින් ශ්‍රී ලංකා රග්බි සංගමය තහනම් කරනු ලැබූ අවස්ථාවේ එවක ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර රග්බි සංගමය සමඟ සාකච්ඡා සිදුකිරීමෙන් පසු ජාත්‍යන්තර රග්බි සංගමය විසින් ශ්‍රී ලංකා රග්බි සංගමයේ ව්‍යවස්ථා කෙටුම්පත සඳහා Constitutional Review Group (CRG) කමිටුවව පත් කළ අතර එහි සාමාජිකයෙකු ලෙස එතුමා පත්කර තිබෙන බවයි.

කෙසේ වෙතත් එම වසරේනොවැම්බර් වන විට ජාත්‍යන්තර රග්බි සංගමය විසින් එම තහනම ඉවත් කර ඇති අතර ශ්‍රී ලංකා රග්බි සංගමය 2024 මැයි මස 24 වන දිනට පෙර වාර්ෂික මහසභා රැස්වීම පැවැත්වීමට අපොහොසත් වූ බැවින් 2024 මැයි මස 24 දින 2386/08 දරණ ගැසට් පත්‍රයේ නිසි බලධාරියා ලෙස තමාව පත්කර ඇති බවයි.

එබැවින් ශ්‍රී ලංකා රග්බි සංගමයේ ව්‍යවස්ථා සංශෝධන හෝ නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේ ක්‍රියාවලියට ඇමැතිවරයා හෝ ක්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධ බව ප්‍රකාශ කිරීම පදනම් විරහිත බව එතුමා ප්‍රකාශ කරනු ලබනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago