කිළිනොච්චිය ධර්මපුරම් මධ්‍යය මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීම නිසා සිසුන් 21 ක් රෝහල් ගත කොට තිබෙනවා.
ඊයේ (13) පාසල නිම වීමට ආසන්නයේදි මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති අතර බඹරුන් දෂ්ඨ කළ සිසුන්ගෙන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල වීම නිසා ඔවුන් හතර දෙනා කිළිනොච්චිය රෝහල වෙත මාරු කොට යවා තිබෙන අතර අනෙකුත් සිසුන් කිළිනොච්චිය ධර්මපුරම් රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිසුන් 9 දෙනෙකු සවස් කාලයේම රෝහලෙන් බැහැරව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දහවල් අධික රශ්මියක් පැවතීමත් සමගම හමා ගිය සුළගක් නිසා විදුහලේ ගසක බැද තිබූ බඹර කුඩුවක් කැඩී බිමට වැටී ඇත. ඉන් ඇවිස්සුණු බඹරුන් සිසුන්ට දෂ්ඨ කොට තිබෙනවා.
මෙම පාසලේ බඹර වද 6 ක් තවමත් ඇති අතර එම බඹර වද ඉවත් කොට දෙන ලෙස විදුහලේ බලධාරීන් ආයතන හා සංවිධාන කීපයකටම දැණුම් දී ඇතත් මේ වන තුරු එම බඹර කූඩු ඉවත් නොකිරීම නිසා සිසුන්ට හා ගුරුවරුන්ට බඹරුන්ගෙන් දැඩි ලෙස පීඩා විඳීමට සිදුව තිබෙනවා.
පසුගිය වසරේද මේ පාසලේ ළමයින් හත් දෙනෙකුට බඹරුන් දෂ්ඨ කිරීම නිසා ඔවුන්ව රෝහල් ගත කිරීමට විදුහලේ බලධාරීන්ට සිදුව තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…