විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් තමන් ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබේ. යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව රජයට දන්වා සිටී.
වර්ජනය අද (14) ක්‍රියාත්මක වන්නේ 44වැනි දිනයට ය. .
මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ලේකම් මහේෂ් මෙන්ඩිස් ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ නිහඩතාවය හේතුවෙන් තත්ත්වය තවත් නරක අතට හැරී ඇති බවයි.
“යූජීසී සභාපතිවරයා මුලදී මැදිහත් වුනා නම්, වර්ජනයක් සිදු වන්නෙ නෑ. අපට තවමත් රජයෙන් ප්‍රතිචාරයක් ලැබී නෑ, “ඒ නිසා විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ඉල්ලා සිටින්නේ රජය මැදිහත් වී කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි. 15% වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් වගකිව යුතු අමාත්‍යවරු දැන් නිහඬයි. ගැටලු විසඳන තුරු වර්ජනය අත්නොහරින බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අවධාරණය කරනවා,” අපිට වැඩවර්ජන කරන්න අවශ්‍ය වුණේ නැහැ, අපිට අවශ්‍ය වුණේ අපේ ඉල්ලීම්වලට විසඳුම් පමණයි. දැන් රජය කියනවා අපේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඔවුන්ට කිසිවක් කරන්න බැහැ කියලා. අපිට මේ ස්ථාවරයට එකඟ වෙන්න බැහැ. රජය මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතුයි.
ලේකම්වරයා පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…