සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) විසින් නිකුත්කල මෙරට පැරණිතම ළමා පුවත්පත වූ “මිහිර පුවත්පත” සිය අවසාන කලාපය මේ වනවිට වෙළඳපොලට නිකුත් කොට තිබේ.
ඉදිරියේදී මිහිර පුවත්පත වෙළඳ පළට නිකුත් නොකෙරෙන අතර, ඊ පුවත්පතක් ලෙස පමණක් (e-paper) පාඨකයින් වෙත ලැබීමට සැලැස්වීමේ කළමණාකාරීත්ව තීරණයක් ලෙස නිළවශයෙන් දන්වා තිබේ.
මිහිර පුවත්පතේ පළමු වෙළුම සරසවි පුවත්පත තුළිනි. 1963 වසරේ සරසවිය පුවත්පත ආරම්භ වනුයේ කලා, කාන්තා, ළමා විශේෂාංග සියල්ලම එක් කරමිනි. 1964 ජූලි 27 වැනිදා මිහිර ලෙස වෙන්ව ගොඩ නැගෙන්නේ සරසවිය පුවත්පතේ මුලින් තිබූ ළමා විශේෂාංග සමඟය. එදා මෙදාතුර මිහිර පුවත්පත වසර 60ක කාළයක් වෙළඳ පලට නිකුත් වී තිබේ.
මෙරට මාධ්‍ය ලෝකයේ ජීවත්වන බොහෝ දෙනා අත් පොත් තබා ඇත්තේ මිහිරෙනි. පාසල් වියේ දී මිහිරට ලියන්නෝ පසු කලෙක මෙරට කිත් පතල ලේඛකයෝ විය. මිහිර ආරම්භක කතුවරයා වූයේ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතාය.
අන්තර්ජාලය භාවිතයට පෙර කුතුහලයෙන් පිරි අපේ කුඩා කාලය සුන්දර කල තවත් එක් මතකයක් මෙලෙස අවසාන වනු ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
සුන්දර මතක රැසක් ජීවිතය ට එකතු කල අපේ පත්තරේ.සදුදා වෙනතුරු නොඉවසිල්ලෙන් ඉන්නේ .මහාවංශයේ සතිපතා පළවුණු කොටස් එකතු කරලා පොතක් වගේ ලොකු ඉදිකට්ටකින් මහලා තියෙනවා .මහගෙදර තාමත් ඒවා තිබුණා .ජීවිතේ මේ තරම් දුරක් එන්න අපිට මග පෙන්නුවේ මිහිර..ඩිජිටල් විදිහට උනත් තවදුරටත් තියෙන එක ගැන පොඩි සතුටක් තියෙනවා ..මම අදටත් පත්තර ගෲප් එකේ දැක්ක ගමන් ඩවුන්ලෝඩ් කරලා කියවලා සේව් කරගන්නවා.ඒ තරම් ආදටෙයි මිහිර ට
So sad to hear,I suppose news papers are better than electronic papers because the younger generation will addicted to electronic devices more if the e/power pops up. I wish Mihira to come back .
Mage Mulma Wikata Cartoon Eka Pala Une Mhira Pathraye, 1982, Pasuwa Chithrakatha Shilpiyeku Lesa Madura Pathraye saha Nawaugaya Paththare Weda Kala Wasara 12k, aththatama kadulu Unanawa Dasata Aubowan Mihira.
Mama Kala Keerthi Matara Gaya Shantha (1966.02.15)