කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන ඔවුන් කනගාටුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලන බව ඔහු පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්,
අපි බොහොමත්ම කනගාටු වෙනවා කණ්ඩායමක් විදිහට අපේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වුණා අපි බොහොමත් කනගාටුවෙනවා. අපි සමාවෙන්න කියලා ඉල්ලනවා. අපි මෙතනට ආපු කටයුත්ත කරගන්න බැරි වුණා කණ්ඩායමක් විදිහට. අපි ගහපු තරග දෙකේදිම අපේ පිතිකරුවන් තමයි පසුබෑමකට ලක් වුණේ. පන්දු යවන්න සහ පන්දු රකින්නන් ඉතාමත්ම හොඳට ඒ ගහපු ඒ සුළු ලකුණු ප්‍රමාණයෙන් පවා හොඳ තරගයක් ලබාදුන්නා ඒ තරග දෙකේදීම. නමුත් අවසනාවකට අපිට ජයගන්න බැරි වුණා. මේ වගේ තරගාවලියකිදී එක තරගයක් හෝ පරාජය වුණොත් මම හිතන්නේ ඉතාමත්ම අමාරුයි ඉදිරියට එන්න. අපි පළමු තරග දෙකෙන්ම පරාජය වුණාට පස්සේ ඉතාමත් අමාරු වුණා. ඒ වගේම අවාසනාවකට නේපාල තරගයටත් වැස්සෙන් බාධා එල්ල වුණා. අපිට ඉතුරුවෙලා තියෙන්නේ එක තරගයයි. ඒ තරගය හොඳින් ක්‍රීඩා කරලා එක් ජය ගන්න බලාපොරාත්තු වෙනවා. අපිට ගොඩක් සහාය දෙනවා අපේ ප්‍රේක්ෂකයින් අපි බොහොමත් කනගාටුයි ඔවුන්ට කිසිදෙයක් ලබාදෙන්න බැරි වුණ එක ගැන. අපිට කියන්න තියෙන්නේ එකම දෙයයි. සමාවෙන්න කියලා. අපි කවුරුත් තරගයක් පරදින්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි හැමතිස්සේම ජයගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ඒදේ කරගන්න බැරි වුණා මේ තරගාවලියේදී.”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…