රංගන ශිල්පියෙක් හිසේ තුවාල සහිතව අභිරහස් ලෙස මියයයි !

ඉන්දීය මලයාලම් සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ ප්‍රදීප් කේ. විජයන්ගේ සිය නිවසේ මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

විජයන් ක්ලාන්තය සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බවට නිතර පැමිණිලි කර ඇති අතර මෙම රෝග ලක්ෂණ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත.

දින 02ක් පුරා මෙම රංගන ශිල්පියාව සම්බන්ධ කරගැනීමට නොහැකි වූ ඔහුගේ මිතුරන්ට ඇතිවූ සැකයක් මත ඔවුන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.එහිදී එරට පොලිසිය පෙරේදා (13) ඔහුගේ අගුළු දැමූ නිවස පිළිබඳ සැක මතුව අගුළු කඩා නිවසට ඇතුළු වී ඇති අතර එහිදී නිවස තුල මියගොස් සිටි විජයන්ගේ සිරුර සොයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.  විජයන් හිසට සහ මුහුණට තුවාල සහිතව නාන කාමරය තුළ මියගොස් සිට ඇත. ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝයපෙට්ටා ​​රජයේ රෝහල වෙත යවා ඇත. 

බැලූ බැල්මට මෙම මරණය හෘදයාබාධයකින් සිදුවූවක් බවට පෙනෙන්නට තිබුනත්, මෙය ස්වභාවික මරණයක්ද නැතිනම් ඝාතනයක්ද යන්න පිළිබඳ පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවද ඉන්දීය මාධ්‍ය පවසනවා.

ඉන්දීය මලයාලම් සිනමාවේ දුෂ්ඨ සහ විකට රංගන ශිල්පියෙකු ලෙස ප්‍රචලිත විජයන්, අවසන් වරට රඟදක්වා ඇත්තේ “රුද්‍රන්” චිත්‍රපටයේ.

Thegidi , Meyaadha Maan , Teddy (2021), Irumbu Thirai (2018), සහ Ruddran (2023) වැනි කැපී පෙනෙන චිත්‍රපට සඳහා විජයන් දායකත්වය ලබාදී ඇත.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago