ශ්‍රී ලංකා

ආසියාවේ උසම දැල් පන්දු ක්‍රීඩිකාවට මංගල සීනු !

ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ තර්ජනී සිවිලිංගම් දකුණු ඉන්දියාවේ ‍ ව්‍යාපාරිකයෙකු වන ආර්. ප්‍රශාන් මහතා සමග ඊයේ (17) යුග දිවියට පිවිසියාය.

ඔවුන්ගේ මංගල උත්සවය චෙන්නායි නිවි අයිලන්ඩිස් හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ නෙට්බෝල් පිටියේ පෙරලිකාර ක්‍රීඩිකාවක් වන තර්ජනී 45 හැවිරිදි පසුවන අතර ඇයගේ උස අඩි හයයි අගල් දහයකි.

2019 ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් ඇස් කරගත් ක්‍රීඩිකාව වූ ඇය 2011 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේ හොඳම විඳින්නිය ලෙස සම්මානයට ද පාත්‍ර වූවාය.

2019 දැල්පන්දු ලෝක කුසලානයට සහභාගීවනවිට තර්ජනීට වයස අවුරුදු 40ක්වූ අතර දැල්පන්දු ලෝක කුසලාන තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩිකාව බවට ඇය පත්වුණි.

2009 දී වසරේදී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම ක් නියෝජනය කළ තර්ජනී 2018, 2022 වසර වල ආසියානු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මහඟු මෙහෙයක් කළාය ඇය ක්‍රීඩා කළ 2012, 2014 සහ 2016 වසර වලදී ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාවේ අනුසූරියෝ බවට පත් වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දැල්පන්දු ලෝක කුසලාන තරගාවලි 4ක් නියෝජනය කිරීමට සමත්වු තර්ජනී ආසියානු දැල්පන්දු තරගාවලි 5ක දි ශ්‍රී ලංකාව නියෝජනය කළාය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago