තම දියණියන් දෙදෙනාගේ නිරුවත වීඩියෝ කොට තරුණයින්ට එම දර්ශන අලෙවි කළ මුලතිව් ප්‍රදේශයේ මවක් පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් 17 දා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ 34 හැවිරිදි මවක් සිය 14 හැවිරිදි හා 11 හැවිරිදි දියණියන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබා ගෙන තිබෙනවා.
එක් දිනක් රාත්‍රී කාලයේදී මව විසින් දියණියන්ගේ වීඩියෝ ලබා ගන්නා අන්දම එදින එම නිවසේ නිදා ගැනීමට පැමිණි මවගේ නැගණියගේ දුව දැක තිබෙනවා. ඇය සිය මවට ඒ බව දැනුම් දීමෙන් පසුව ඇය ඒ සම්බන්ධයෙන් පුදුකුඩීඉරිප්පු පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව අදාල මව අත් අඩංගුවට ගෙන තිබේ.
ඇයගේ දුරකතනය පරීක්ෂා කිරීමේදී එම දර්ශන දැක ගැනීමට පොලීසියට හැකි වී අති අතර ඇය පොලීසියට පවසා ඇත්තේ වැරදීමකින් ජංගම දුරකතනය ක්‍රියාත්මක වීම නිසා ඡායාරූප හා වීඩියෝ එහි රූගත වී ඇති බවයි.
කෙසේ වෙතත් පුදුකුඩීඉරිප්පු පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්රාත්වරයාට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව නඩුව අවසන් වන තුරු දියණියන් දෙදෙනා සුලු මවගේ බාරකාරත්වයට පත් කරන ලෙසත් ඊට පෙර එම දැරියන් දෙදෙනාව මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත්කොට පූර්ණ වාර්තාවක් ලබා ගෙන එය අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් පොලීසියට නියෝග කොට තිබේ.
අදාල මව මේ මස 25 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…