වෙන්නප්පුව සාන්ත ජෝෂප් වාස් විද්‍යාලයේ මිලියන 100ක වටිනාකමකින් යුත් ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ ශ්‍රවණාගාරය ඉදිකිරීමේ වැඩකටයුතු අද සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙහි වැඩකටයුතු ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්ටමේන්තුවේ මූල්‍ය දායකත්වය මත සහ පාසල් ප්‍රජාව ඇතුළු සියලුදෙනාගේ දායකත්වය මත දින 90ක් තුළ අවසන් කරන බවත් මෙහිදී කිසිඳු දේශපාලනයක් නොමැති බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සාන්ත ජෝෂප් වාස් විද්‍යාලයේ සිසුන් ක්‍රීඩාංගණ පහසුකම් නොමැතිව වුව ද ඔලිම්පික් තරඟ සඳහා සහභාගීවීමට මෙන් ම 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පවා තේරීමට අවස්ථාව උදාකරගෙන ඇති බවයි. ඒ අනුව සාන්ත ජෝෂප් වාස් විද්‍යාලය සඳහා පරිපූර්ණ එළිමහන් ක්‍රීඩාංගණයක් ඉදිකර දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පවසනු ලැබී ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…