ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටි සිසුවියන් 70කගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පති ඒ. එම්. මුහයිත් මහතා පැවසීය.
අඩි විස්සයි විස්සේ පන්ති කාමරවල විභාග ශාලාව පවත්වාගෙන යෑමේදී සිදුවී ඇති බව කියන විභාග අක්‍රමිකතාවයක් හේතුවෙන් මෙලෙස එම ප්‍රතිඵල අත්හිටුවා තිබේ.
ඒ අනුව, මේ වන විට විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවද දැනගන්නට ඇත.
මෙම විදුහලේ සිසු සිසුවියන් 141 දෙනෙකු විභාගයට අයදුම්පත් පුරවා ඉදිරිපත් කර ඇති අතර ඉන් 43 දෙනකු සිසුන් වන අතර සෙසු පිරිස සිසුවියන් වේ.
ඉන් 114 දෙනෙකු විභාගයට පෙනී සිට ඇති බවත් එම පිරිසෙන් 44 දෙනෙකුගේ ප්‍රතිඵල නිකුත් වී ඇති බවත් විදුහල්පතිවරයා පවසයි.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා හමුවූ මෙම සිසුවියන් තමන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබුණි.
ත්‍රිකුණාමලය සහිරා විදුහලේ මෙම සිසු සිසුවියන් විභාගය ලියා ඇත්තේ, එම විදුහලේම ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයක බව දැනගන්නට ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…