හාස්‍යමය ඉදිරිපත් කිරීමක් මත බෞද්ධ ආගමට අපහස කළ බවට සිංහල රාවය ඇතුළු සංවිධාන කිහිපයක් සිදු කළ පැමිණිලි මත, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCRP) යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කිරීමෙන් අනතුරුව ඇප ලබා සිටි ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා.
එසේම එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප පිට සිටින SL Vlog YouTube නාලිකාවේ හිමිකරු වන බෘනෝ දිවාකරද මෙම නඩුවෙන් නිදහස් කර තිබෙනවා.
මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා.
නතාෂා එදිරිසූරිය විසින් කළ හාස්‍යමය ඉදිරිපත් කිරීමක් මත ඇයව අත්අඩංගුවට ගත් අතර එම වැඩසටහන සංවිධානය කළ බව චෝදනා කරමින් SL Vlog Youtube නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර මහතාවද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…