පාසල් දරුවකු අහුලාගත් අත්බෝම්බයක් රැගෙන අමතර පන්තියකට ගොස් ඇති බව වාර්තා වනවා.
දරුවා හසලක පහේ ඇළ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවයි හසලක පොලිසිය පවසන්නේ.
රැගෙන ගිය බෝම්බය පෞද්ගලික පන්ති ගුරුවරයාට පෙන්වා තිබෙන අතර, ඔහු විසින් එය ආරක්ෂිතව පොලිසිය බාරදී තිබෙනවා.
මෙම සිසුවා හසලක, පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් දරුවකු බවයි සඳහන් වන්නේ.
නිවෙස ආසන්නයේ ඇති ඇළක දිය නාමින් සිටිය දී මෙම ජීව අත්බෝම්බය හමු වූ බව සිසුවා පොලිසියට පවසා තිබුණා.
කිසිවෙකුටත් මේ බව නොපවසා කිලෝ මීටර් 5ක් පමණ දුරින් පිහිටි උපකාරක පන්තියකට ගොස් එහි ගුරුවරයාට පෙන්වා මේ බව කියා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
පසුව එම ගුරුවරයා මැදිහත්ව අත් බෝම්බය පොලිසියට බාරදී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කොට ජීව අත්බෝම්බය විශේෂ කාර්ය බළකාය වෙත භාරදී නිෂ්ක්‍රීය කිරීමට අවශ්‍ය පියවර ගත්බව පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…