භූ චලනයෙන් පසු මුලතිව් අහසේ දිස්වන නිල් පැහැති අද්භූත වස්තු !

වවුනියාව ඇතුළු ප්‍රදේශ කීපයකට හදිසි භූ චලන තත්ත්වයක් ඇතිවිමත් සමගම එදින සිට මුලතිව් අහසේ විශේෂ ආකාශ වස්තු දෙකක් දක්නට ලැබෙන බව මුලතිව් ධීවරයින් කළ ප්‍රකාශයකට පසු ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ බව යාපනය විශ්වවිද්‍යාලයීය භූ ගෝල විද්‍යා අංශය කියයි.
නිල් පැහැයෙන් යුත් මෙම ආලෝක වස්තු දෙක ඉහල අහසේ සෙමින් සෙමින් පාවෙමින් තිබෙන ආකාරයක් අති බව ද එම ධීවරයෝ කියා සිටියහ.

අහසේ සෙමින් පාවෙන එම වස්තු දෙක නිල් පැහැයෙන් ඉතා දීප්තිමත්ව දැක ගත හැකි අතර ගොඩ බිම් ප්‍රදේශය්ට වඩා මුහුදේදී එම ආලෝක වස්තු දෙක ඉතා හොදින් දක්නට ලැබෙන බවත් එම වස්තූන් සියැසින් දුටු මුලතිව් ධීවරයෝ කියා සිටිති.

සුනාමී ව්‍යසනයට දින පහකට පමණ ඉහතදීත් මෙවැනිම වස්තු කීපයක් අහසේ පාවෙමින් තිබූ බවත් සුනාමියෙන් පසුව ඒවා අතුරුදහන් වූ බවත් කියන මුලතිව් ධිවරයෝ මේ අද්භූත වස්තු මොනවා දැයි විද්වත් අංශවලින් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියහ.

ධීවරයින්ගේ මේ ප්‍රකාශයෙන් පසුව යාපනය විශ්වද්‍යාලයේ භූගෝල ඒකකය වෙතද එම තොරතුර ලැබී ඇති බවත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කොළඹට විස්තර ඉදිරිපත් කොට ඇති බවත් යාපනය විශ්ව විද්‍යාලයේ භූගෝල අංශයේ කථිකාචාර්යවරයෙකු පැවසීය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago