ශ්‍රී ලංකා

මැරුණ මිනියට මරණ පරීක්ෂණ කරන්න යද්දි පණ ඇවිල්ලා !

මදුරන්කුලිය ප්‍රදේශයේ ඉඩමක සේවය කළ මුරකරුවෙකු මරණයට පත්වී ඇති බවට මරණ පරීක්ෂණයක් සිදු කිරීමට යාමේදීඔහු ජීවය ලබා ඇති බවට පුවතක් වාර්තා වනවා.

එම ඉඩමේ අයිතිකරු විසින් පසුගිය 17දා මදුරන්කුලිය පොලීසියට කළ පැමිණිල්ලකදී පොලීසිය මෙම මෘතශරීරය සම්බන්ධයෙන් පෂ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට කළ මූලික පරීක්ෂණයකදී එම පුද්ගලයාට ජීවය ඇති බවට හඳුනාගෙන වහා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමේ පුවතක් වාර්තා වෙනවා.

මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශීය සභාවක සභාපතිවරයෙක් වන අතර මෙම සභාපතිවරයාට හිමි මදුරන්කුලිය ප්‍රදේශයේ ඉඩමක මුරකරුවෙකු දීර්ඝ කාලයක් සේවය කර ඇති අතර පසුගිය 17දා ඔහු විසින් මෙම මුරකරු ඔහු සිටින මුරමඩුව තුළම මරණයට පත්ව ඇති බවට පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එහිදි මෘත ශරීරයට මැස්සන් වසා ඇති බවත් මෙම මරණය සම්බන්ධයෙන් කිසිවෙකුත් සැක නැති බවත් ඔහු පොලීසියට පවසා ඇති අතර එහිදි පොලිස් ස්ථානාධිපතිවරයා මෙම මරණය අබිරහස් මරණයක් බැවින් ස්ථානීය පරීක්ෂනයක් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණයක්ද සිදුකළ යුතු බව පවසා තිබෙනවා.

අනතුරුව ස්ථානාධිපතිවරයා විසින් හදිසි මරණ පරීක්ෂකවරයාට මෙම සිද්ධිය පිලිබඳව දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිළධාරීන් යොදවා මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට ප්‍රථම ස්ථානීය පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

මෙම ස්ථානීය පරීක්ෂණයේදී මරණයට පත්ව ඇතැයි පැවසු පුද්ගලයාට ජීවයක් ඇති බව එක් පොලිස් නිලධාරියෙකු විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව සිහිසුන් නොමැතිව මුරමඩුව තුළ වැටී සිටි මුරකරු පොලීසිය විසින් වහා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් මෙම පුද්ගලයා සිහිසුන්ව ඇත්තේ නිරාහාරව සිටීමෙන් බැවින් හා රෝගාතුර තත්ත්වයකින් බවයි වාර්තා වෙන්නේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago