බංග්ලාදේශය පුරා සර්ප දෂ්ඨ කිරීම් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.මේ හේතුවෙන් බංග්ලාදේශයේ සෑම සෞඛ්‍ය මධ්‍යස්ථානයකම මෙන්ම රෝහලකම විෂ නාශක ඖෂධ ගබඩා කර තබන ලෙස නියෝග කර තිබෙනවා.
බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය සමන්ත ලාල් සෙන් එරට ජනතාවගෙන්ද ඉල්ලා සිටින්නේ, සර්ප දෂ්ටනයකට ලක්වුවහොත් හැකි ඉක්මනින් රෝහල් වෙත රැගෙන එන ලෙසයි.
සත්ත්ව විශේෂඥයන් පවසන්නේ දකුණු ආසියාවේ දක්නට ලැබෙන තිත් පොළඟාගේ (Russell’s Viper) දෂ්ට කිරීම්වලට ලක්වන පුද්ගලයින්ගේ වැඩිවීමක් බංග්ලාදේශයේ ග්‍රාමීය ප්‍රදේශවලින් වාර්තාවන බවයි.ඒ හේතුවෙන් මෙම සර්ප දෂ්ට කිරීම් පසුගිය සති කිහිපයක සිට බංග්ලාදේශ සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක්ද වී තිබෙනවා.
මීයන් ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වන සර්ප විශේෂයක් ලෙස තිත් පොළඟා ප්‍රකටය.මේ හේතුවෙන් මීයන් වැඩි වශයෙන් ගැටෙන මිනිස් ජනාවාස අසල තිත් පොළොඟන් සිටින බැවින් සර්ප දෂ්ට කිරීම් වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
එමෙන්ම සත්ත්ව විශේෂඥයන් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ, අස්වැන්න නෙළන කාලය තුළ ගොවිබිම් වලද වැඩි වශයෙන් මෙම සර්පයා දක්නට ලැබෙන බවයි.
බංග්ලාදේශයේ සිදුකළ නවතම සමීක්ෂණයකින්ද හෙළිවී ඇත්තේ සර්ප දෂ්ට කිරීම් වලින් සෑම වසරකම එරට පුද්ගලයින් 7,000ක් පමණ මිය යන බවයි.
තිත් පොළඟා 2002 වසරේදී බංග්ලාදේශයෙන් වඳ වී ගිය සර්පයෙකු ලෙස තොරතුරු වාර්තා කර ඇති වුවත්, මේ වනවිට එම සර්පයා නැවතත් ප්‍රදේශ රැසකින්ම හමු වී ඇත.මේ වන විට බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 25කට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වී ඇත.
සත්ත්ව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සාමාන්‍යයෙන් වියළි ප්‍රදේශවල ජීවත් වන සර්පයා විවිධ දේශගුණික තත්ත්වයන්ට අනුවර්තනය වී ඇති බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…