ජීවනක්‍රමය

චීනය ලොව විශාලතම පාවෙන ක්‍රීඩා පිටිය නිර්මාණය කරයි ! (PHOTOS)

ලෝකයම පුදුමකරවන සොයා ගැනීම්වලට වඩාත් ප්‍රසිද්ද චීනය, මීටර් 200ක් පමණ ඉහළ අහසේ ක්‍රීඩා පිටියක් ඉකර තිබෙනවා. මෙය බැලූ බැල්මට පාපන්දු පිටියකට සමානකමක් දක්වනවා.

නැගෙනහිර චීනයට අයත් Zhejiang පළාතේ, Yongkang නගරය ආසන්නයේ මෙය පිහිටා ඇත.මෙය තරමක් ආන්දෝලනාත්මක සොයාගැනීමක් වුවත්, චීන බලධාරීන් මෙවැනි නිර්මාණයක් සිදුකිරීමට ප්‍රධාන වශයෙන් තීරණය කර ඇත්තේ, ඒ තුළින් සමස්ත Zhejiang පළාතට ඉහළ සංචාරක ආකර්ෂණයක් ඇතිකර ගැනීමටයි.

වර්ග මීටර් 1,500ක පමණ ප්‍රමාණයකින් ආවරණය වන මෙය, පහළින් ගලායන ගංඟාවක් ඇති ප්‍රපාතයකට ඉහළින් පිහිටා තිබෙනවා. කඳු දෙකක් යාකරමින් මෙය සම්පූර්ණයෙන්ම කේබල්වලින් එල්ලා තිබේ.

මෙම ක්‍රීඩා පිටිය සැලකෙන්නේ ගුවනේ ඉකළ ලොව විශාලතම ක්‍රීඩා පිටිය ලෙසයි.

කෙසේ නමුත් මෙම එල්ලෙන ක්‍රීඩාපිටියේ ඇති එක් විශේෂත්වයක් වන්නේ, මෙහි ක්‍රීඩාකළ හැක්කේ කුඩා ළමුන්ට පමණක් වීමයි.

මෙහි පැති තීරුවේ පුද්ගලයෙකුගේ උසට සමාන තවත් දැලකින් (රතුපාටින් දිස්වෙන) වටකර තිබෙනවා.

ඒ හේතුවෙන් ළමුන්ට පොළවේ ක්‍රීඩාකරනවා මෙන්ම කිසිදු ආකාරයක බියක් නොමැතිව ක්‍රීඩාපිටියේ සිවුකොන වටාගොස් ක්‍රීඩාකිරීමේ හැකියාව ඇත.

කෙසේ නමුත් වැඩිහිටියන්ට මේ සඳහා යාමේ බාධාවක් නොමැති අතර, ඔවුන්ටද එකිනෙකා සමගින් පන්දුව හුවමාරු කරගැනීම වැනි සරල ක්‍රීඩා කිරීමේ හැකියාව ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 90 හෝ ඊට අඩු බරක් ඇති අයට මෙහි යාමට අවසර දී ඇත.

එවැනි බර ඇති උපරිම පුද්ගලයින් 50කට මෙම එල්ලෙන ක්‍රීඩා පිටියේ එකවර රැඳී සිටීමට අවස්ථාව ඇත.

මෙම එල්ලෙන ක්‍රීඩාංගණයට යාමට කුඩා පාලමක් හරහා යා යුතු අතර, එයද දැලකින්ම සකසා තිබේ.

මෙහි ආරක්ෂාව පිළිබඳ සහතිකවන ක්‍රීඩාංගණයේ භාරකරුවන් පවසන්නේ, මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම තමන් දන්නා බවයි.

එමෙන්ම මෙය අනාරක්ෂිත නම්, එය මහජනයාට විවෘත නොකරන බවයි.

මෙම සමස්ත දැල ඉතා දැඩි ප්‍රතිරෝධී පොලිතීන්වලින් සාදා ඇති අතර, යම් හෙයකින් එහි පිටත දැල කැඩී ගියහොත් ඊට විකල්ප ලෙස තවත් ද්විත්ව ආරක්ෂිත දැලක්ද මෙහි ඇත.

තවද කේබල් ගැලවීමේ හෝ අවධානමක් ඇතිකරගත යුතු නැති බවද, භාරකරුවන් පවසනවා.

සුළඟින් මෙන්ම වැසි ජලයේ ආම්ලිකතා නිසා කේබල්වල කල්පැවැත්මට බලපෑමක් ඇති කරන නිසා, මෙම එල්ලෙන ක්‍රීඩා පිටිය දිනපතා පරීක්ෂා කරන බව ඔවුන් පවසනවා.

එනිසා ආරක්ෂාව ගැන බියත් ඇතිකරගත යුතු නැති බවත්, අවශ්‍ය වන්නේ නිර්භීත හදවතක් තිබීම පමණක් බවත් භාරකරුවන් පවසනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago