ගෝනපිටුවල සාමගම, අලුත්වල ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක්ව ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට කර ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි.
මෙම කාන්තාව අවිවාහක තැනැත්තියක් වන අතර ඇය සිය සහෝදරයාගේ පුතා සමග වසර කිහිපයක් මෙම නිවසේ පදිංචිව සිට ඇත.මෙම කාන්තාව පසුගිය පොසොන් පොහොය දිනයේ සිල් සමාදන් වී නිවසට පැමිණිමෙන් පසු ඇයට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
මෙම කාන්තාව ඝාතනය වූ ස්ථානයේ තිබී ඇයට පහර දුන් බවට සැක කෙරෙන පොල්ලක්ද පොලිස් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.මෙම කාන්තාවගේ සහෝදරයාගේ පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සැක කරයි.ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.
ඒ අනුව පොලීසිය පවසන්නේ පොසොන් පොහොය දිනයේ (21) සවස් කාලයත් ඊයේ දිනයේ (23) උදෑසන කාලයත් අතරතුර මෙම ඝාතනය සිදුකර ඇති බවය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගෝනපිනුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…