අනතුරු

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය හදිසි අනතුරකින් රෝහල්ගත කෙරේ !

රාජකීය ඈන් කුමරිය Gloucestershire හි ඇගේ වතුයායේදී හිසට සුළු තුවාලයක් සහ කම්පනයකට ලක්වීමෙන් පසු රෝහල් ගත කර ඇති බව බකිංහැම් මාලිගය පවසයි.


ඈන් කුමරිය ඉරිදා ඇගේ ගැට්කොම්බ් පාර්ක් වතුයායේ සිදු වූ සිදුවීමකින් පසු මෙලෙස රෝහල්ගත කර ඇත. ගැට්කොම්බ් වතුයායේ අශ්වයන්ගේ සුවදුක් බලමින් සිටියදී මෙම අනතුර සිදු වූ බව බකිම්හැම් මාලිගා තොරතුරු මාර්ග දන්වා සිටී. සිද්ධිය සිදු වූ අවස්ථාවේ දී හදිසි සේවා කැඳවීමෙන් අනතුරුව ඇයවරිස්ටල්හි සවුත්මීඩ් රෝහලට ගෙන යන ලදී. සිද්ධිය සිදු වූ අවස්ථාව වන විට ඇගේ සැමියා අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් සහ ඇගේ දියණිය සාරා සහ පුත් පීටර් එම අවස්ථාවේ වත්තේ සිට ඇත.

ලබා ඇති සුළු තුවාල හා කම්පනය හේතුවෙන් මේ සතිය අග වන තෙක් ඇය රෝහලේ රැඳී සිටීමට තීරණය කර ඇති අතර මේ හේතුවෙන් මේ සතිය අවසානයේ ආරම්භ වීමට නියමිතව තිබූ ඈන් කුමරියගේ කැනඩා සංචාරය ද කල් දමා තිබේ.

73 හැවිරිදි ඈන් කුමරිය අශ්වයන් කෙරෙහි ඇති උනන්දුව සහ අශ්වාරෝහක ක්‍රීඩාවේ ජයග්‍රහණ සඳහා යොමු වී ඇති අතර 1976 දී මොන්ට්‍රියෙල් හි පැවති ඔලිම්පික් තරඟ සඳහා තරඟ කළ රාජකීය පවුලේ පළමු සාමාජිකයා බවට පත්විය.
දෙවන එලිසබෙත් සහ පිලිප් කුමරුගේ දෙවන දරුවා ලෙස ඇය උපත ලබන විට සිංහාසනයේ තුන්වන ස්ථානයට පත් වූ අතර ඇය දැන් අනුප්‍රාප්තික රේඛාවේ 17 වන ස්ථානයේ සිටී.
ඇය දෙවරක් විවාහ වී ඇත. ඇගේ පළමු සැමියා වන කපිතාන් මාර්ක් ෆිලිප්ස් ඇගේ දරුවන් දෙදෙනා වන පීටර් සහ සාරාගේ පියාය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago