යාපනය ප්‍රදේශයේ කෝවිලක දේපළවලයට හානි කර කාන්තාවකට පහර දුන් බව කියන පූසාරිවරයෙක් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පූසාරිවරයා සහ තවත් පූසාරිවරුන් දෙදෙනෙකු අතර කාලයක් තිස්සේ පවතින අමනාපයක් හේතුවෙන් එම කෝවිලේ දේපළ කඩා විනාශ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ සහ කැනඩාවේ ස්ථීර පදිංචිය හිමි යාපනය ප්‍රදේශයේ කෝවිලක පූසාරිවරයෙක්.
සැකකාර පූසාරිවරයාගෙන් කට උත්තරයක් ගැනීම සඳහා එම ස්ථානයට ගිය අවස්තාවේදි අදාල පූසාරිවරයා පොලිස් නිළධාරීන්ට විරෝධය පළ කර බැන තර්ජනය කර ඇති බවත් සඳහන්.
සිද්ධියට සම්බන්ධ කෝවිල සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයේ පැවැති නඩුවකදි සැකකාර පූසාරිවරයාට සහ පැමිණිලිකාර පූසාරිවරුන්ට පූජා පැවැත්වීම සඳහා දින 10 බැගින් බෙදා වෙන්කර දී ඇති බවත් පොලීසිය පවසනවා.
එසේ තිබියදි සැකකාර පූසාරිවරයා නිතර කෝවිලට පැමිණ ගැටුම් ඇතිකරගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
සිද්ධිය වූ දිනයේදි ද සැකකාර පූසාරිවරයා කෝවිලට පැමිණ පූජාවට බාධා කරමින් දේපළවලට හානි කර ඇති අතර එහිදි ඇති වූ බහින් බස් වීමකදි එහි සිටි කාන්තාවකටද අදාල පූසාරිවරයා පහරදී ඇති බවයි පොලීසිය පවසන්නේ
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…