16 හැවිරිදි දැරිය දූෂණය කල පුද්ගලයාට වසර 30ක සිර දඬුවමක් !

අවුරුදු 16ක දැරියක් දූෂණයට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ  පුද්ගලයෙකුට වසර 30ක සිරදඬුවම් නියම කර තිබේ.

පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් අද (24) ඔහුට එම සිරදඬුවම් නියම කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මොරටුව, ලක්ෂපතිය, කනගරත්න මාවත ප්‍රදේශයේ පදිංචි රජීව රවිනාත් ජයතිලක නමැති 38 හැවිරිදි  පුද්ගලයෙකුට මෙසේ දඬුවම් නියම කෙරිණි.

විත්තිකරු 2021 ජනවාරි සහ මාර්තු මාස අතරතුර කාලය තුළ 16 හැවිරිදි දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් කොළඹ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන චෝදනා තුනක් යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එකී චෝදනා තුනෙන් එක් චෝදනාවකට එම සැකකරු නිදොස් කොට නිදහස් කර ඇති අතර, චෝදනා දෙකකට වරදකරු කර තිබේ.

එකී සිරදඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 50,000 දඩ මුදලක්ද වින්දිත දැරිය වෙත රුපියල් 500,000ක වන්දියක් ගෙවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්ද, වන්දි මුදල නොගෙවන්නේ නම් මාස 18ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්ද නියම කර තිබේ.

විත්තිකරුට තවත් ලිංගික අතවර චොදනාවක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය වෙතින් නියම කළ අත්හිටවූ වසර දෙකක සිරදඬුවමක්ද බලාත්මක කිරීමට මෙහිදී නියෝග කර තිබේ.

සිරදඬුවම් කාලය වසර 15 බැගින් වෙන් වෙන්ව අවස්ථා දෙකකදී ගෙවීයන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරන ලදි.

ඒ අනුව විත්තිකරු දඩ මුදල් සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් ඔහු විසින් විඳිය යුතු මුළු සිරදඬුවම් කාලය වසර 34 ක් බව අධිකරණයේදී අනාවරණය විය.

විත්තිය සහ පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥයින් පෙනී සිටියේය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago