ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක සුදුසුකම්ලාභීන් 20,000ක් අතුරින් පුද්ගලයන් 1,654ක් වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(25) අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
මෙහිදී ජනාධිපතිවරයා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් විය.
උරුමය වැඩසටහන විධිමත්ව ක්‍රියාත්මක කිරීමේ සුවිශාල දායකත්වයක් ලබාදෙන ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම වැඩසටහනේ දී කියා සිටියේ මෙය ජනතාවගේ උරුමයක් බවත් එය සිය දරු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම ජනතාවගේ වගකීමක් වන බවයි. එමෙන් ම අනුන්ගේ ඉඩම්වල වගා කළ ගොවි ජනතාවට එම උරුමය ලබාදීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…