Uncategorized

ගුරු විදුහල්පති වර්ජනයට ග්‍රාම නිලධාරී සංගමයත් එක් වෙයි – දින දෙකක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් !

ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (27) දිනයේ ද ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

කොළඹ පැවති විරෝධතාවයට පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයට විරෝධය පළ කරමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති මෙලෙස වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වුණි.

අසනීප නිවාඩු වාර්තා කරමින් ඊයේ (26) දිනයේත් ගුරු – විදුහල්පති වෘත්තීය සමිත වැඩවර්ජනයක නිරත වු අතර මේ හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල්වල අධ්‍යයන කටයුතු ඇණහිට තිබිණි.

පාසල් රැසක ළමුන්ගේ පැමිණීම ද ඉතා අවම මට්ටමක පැවති අතර ඇතැම් පාසල්වලට පැමිණි සිසුන්ට පාසල්වලට ඇතුළුවීමට නොහැකි වීම හේතුවෙන් හැරී යාමට ද සිදුවු බව දැකගත හැකි විය.

කෙසේවෙතත් අද (27) දිනයේ දී සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ අතර අද දිනයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු නොවැළැක්විය හේතුවක් මත සිදුනොකරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඒ අනුව දෙවන අදියරේ ඇගයීම් කටයුතු හෙට (28) දිනයේ සිට ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස්වරයා දැනුම් දෙයි.

මේ අතර අද සහ හෙට යන දෙදින තුළ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නන්දන රණසිංහ මහතා පවසන්නේ සිය ගැටලුවලට විසඳුම් ලැබෙනතුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව දියත් කෙරෙන බවය.

මේ අතර, රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද අද සහ හෙට යන දෙදින තුළ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් සහ අතිරේක රෙජිස්ට්‍රාර්වරුන් දිවයින පුරා මෙම වැඩවර්ජනයේ නිරත වන බව රෙජිස්ට්‍රාර් සේවයේ නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් ජයවර්ධන මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මේ මොහොතේ රට වෙනුවෙන් සියලුදෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති වෘත්තීය සමිත අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 

තුෂරි සිංහාරමුදලිගේ

Share
Published by
තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago