ශ්‍රී ලංකා

මළවුන්ටත් විශ්‍රාම වැටුප් දීලා – විශ්‍රාම වැටුප් වංචා රැසක් හෙළි වෙයි !

මියගිය විශ්‍රාමිකයන් හයදහසකට අධික පිරිසකට නීති විරෝධි ලෙස විශ්‍රාම වැටුප් ලබා දී ඇතැයි කෝපා කමිටුවේදි හෙලිව තිබෙනවා.

එක් පුද්ගලයෙකු වසර තුනකදි විසිහය ලක්ෂ අනූහය දහස් තුන්සිය හතරක මුදලක් එසේ ලබාගෙන ඇති බවත් එය එක් සිද්ධියක් පමණක් වන අතර එවැනි සිද්ධි ගණනාවක් කෝපා කමිටුවට වාර්තා වී ඇති බවත් එම කමිටුවේදි කරුණු අනාවරණය වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නිලධාරීන් පිරිසක් කෝපා කමිටුවට පසුගියදා කැඳවූ අවස්තාවේදී මෙම කරුණු පිලිබඳව විස්තර ඉදිරිපත්ව තිබෙනවා.

විශ්‍රාම වැටුම් බොහෝ ප්‍රමාණයක් වැඩිපුර ගෙවා ඇති බව නියෝජ්‍ය විගණකාධිපති එම්.එස් නයනකුමාර මෙම කමිටුවේදි පවසා තිබෙනවා.

ප්‍රදේශීය ලේකම් කාර්යාල සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැරදි සහගත ක්‍රියා හේතුවෙන් මෙම අක්‍රමිකතාව සිදුව ඇතැයිද මෙලෙස විශ්‍රාම වැටුප් වැඩිපුර ගෙවීම් බොහෝ සිදුව ඇත්තේ ත්‍රිවිධ හමුදා සාමජිකයන්ගේ බවද කෝපා කමිටුවේදි අනාවරණය වී තිබෙනවා.

මියගිය අය සහ දුබලතාවට පත්වී ඇති පුද්ගලයන්ගේ ජිවන වියදම්ද වැඩිදුර ගෙවා ඇති බවත් මෙම කමිටුවේදි හෙලිව ඇති අතර මෙලෙස නීති විරෝධී විශ්‍රාම වැටුප් ලබාගැනීම් 6400ක් පමණ වාර්තා වී ඇති බවත් මෙම කමිටුවේදි හෙලිව තිබෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago