ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අද (28) සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති තෙවන සහ අවසන් තරගය කඩුලු 06කින් ජයගනිමින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 141ක්.
එහි දී චමරි අත්පත්තු ලකුණු 38ක්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 28ක් සහ කවීෂා දිල්හාරි ලකුණු 26ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ආලියාහ් අල්යෙන් සහ එෆි ෆ්ලෙචර් කඩුලු දෙක බැගින් බිඳ හෙළීමටයි සමත් වුණේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 142ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 19.5ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා.
එහි දී හේලි මැතිව්ස් ලකුණු 49ක් සහ ශමයින් කැම්බෙල් ලකුණු 41ක් රැස්කර ගැනීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේ දී කාව්‍යා කවින්දි කඩුලු දෙකක් බිඳහෙළුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…