ෆින්ලන්තයේ වැන්ටා නගරයේ ටිකුරිල්ලා ප්‍රදේශයේ මහල් නිවාසයකදී ලාංකික කාන්තාවක ඝාතනයට ලක්ව ඇතැයි ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත වාර්තා කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හිරුණිගේ නදර්න් ලයිෆ් නම් යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන හිරුණි නම් ලාංකික කාන්තාවක්.
මරණය පිළිබඳ එම මහල් නිවාසයේම ජීවත්වූ තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ,
අතඩංගුවට පත් පුද්ගලයා සහ මියගිය කාන්තාව අතර නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩකාරී බහින් බස් වීමක් උත්සන්නවී සැකකරු මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත ප්‍රකාශ කළේ පසුගිය 19 වැනිදා රාත්‍රි 8 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බවයි.
පොලිසිය ලැබූ තොරතුරක් මත අපරාධය සිදුවූ ස්ථානයට පොලිසිය සහ ප්‍රථමාධාරකරුවන් ගොස් ඇති බවත් ප්‍රථමාධාර ලබා දුන්නත් වින්දිතයා බේරා ගැනීමට අපොහොසත් වී තිබේ.
මරණය සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේ එම ශ්‍රී ලාංකික කාන්තාවගේ සැමියා බවද සමාජ මධ්‍යයේ සටහන් විය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…