ශ්‍රී ලංකා

වව්නියාව රෝහලට ගෙන යමින් සිටි ගිලන් රථය රෝගියා පිටින්ම යළි කැඳවලා – රෝගියා ගිලන් රථයේම මිය යයි !

වවුනියාව සෙට්ටිකුලම රෝහලේ ගිලන් රථයක් තුළදී රෝගියෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි ලැබීමෙන් පසුව ඒ පිළිබඳව පූර්ණ පරික්ෂණයක් අද (28) ආරම්භ කොට තිබෙනවා.

චෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි තිරුනාවුකරසු ආනන්දරාසා නමැති දෙදරු පියෙකු පපුවේ වේදනාවක් හේතුවෙන් පසුගිය ඉරිදා (23) ප්‍රතිකාර සඳහා චෙට්ටිකුලම් මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරුව ඔහුගෙන් ලබා ගත් රුධිර සාම්පල පරීක්‍ෂණ සඳහා වවුනියාව මහ රෝහලට යවා ඇති අතර, රෝගියා වහාම ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කරන ලෙස වවුනියාව මහ රෝහල චෙට්ටිකුලම මූලික රෝහලට දැනුම් දි තිබණි.

ඉන් අනතුරුව බදාදා (26) පස්වරු 3 ට පමණ රෝගියා ගිලන් රථයක් මගින් සෙට්ටිකුලම් මූලික රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා වවුනියාව මහ රෝහල වෙත යවා ඇත.

ගිලන් රථය පිටත් වී කිලෝමීටර් 15ක් පමණ ගිය පසු තවත් එක් අයකු රැගෙන යාමට අවශ්‍ය බව පවසමින් ගිලන් රථය යළිත් චෙට්ටිකුලම මූලික රෝහලට කැඳවා තිබේ.

ගිලන් රථයෙන් ආපසු රැගෙන ආ රෝගියා පෙරේදා (26) චෙට්ටිකුලම් රෝහලේදී මිය ගොස් තිබිණි. වැඩිදුර ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහු මිය ගිය බවට ඥාතීන් සහ ප්‍රදේශවාසීහු රෝහලට චෝදනා කළහ. රෝගියා මියගිය පසුව ඥාතීන් සෙට්ටිකුලම රෝහල වට කොට කෑ කෝ ගසන්නටත් විරෝධය පලකරන්නටත් පටන් ගත් අතර පොලීසිය පැමිණ සිද්ධිය සමථයකට පත් කළේය.

මියගිය පුද්ගලයාගේ දේහය ඊයේ (27) වවුනියාව රෝහලට රැගෙනවිත් හදිසි මරණ පරීක්ෂක කරුණානිධි හරිප්‍රසාද් ඉදිරියේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදුන්නේය.

පසුව ඥාතීන් වීසින් සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා වවුනියාවේ ඉහළම සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.ඒ අනුව අදාල පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago