ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, හෙට (ජූනි 29) වන සෙනසුරාදා උදෑසන 9:00 සිට එදින මධ්‍යම රාත්‍රී 12:00 දක්වා කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, මොරටුව මහ නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වය යටතේ ජල සැපයුම ලබා දෙන බව ය.
විදුලි බල මණ්ඩලය මගින් සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටුවීම සහ ඒ හා සමගාමිව සිදු කරන ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව එම මණ්ඩලය පැවසීය.
මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව සිය කනගාටුව පළ කරන අතර අවශ්‍යතා පරිදි ජලය රැස් කර තබා ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…