නව සන්ධාන මෙතෙක් පැවති ජනරැළි මාලිවේ වැඩිම සෙනඟ වැල්ලවායට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ දෙවන ජන රැළිය අද (29) පස්වරු 2.00 ට මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයේදී අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් යුතුව ඇරඹිනි.

“දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව යටතේ විශල ජනතා සහභාගිත්වයකින් යුතුව ඇරඹි වැල්ලවාය ජන රැළිය විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා විසින් සංවිධාන කර තිබිණි.

ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් ශ්‍රිලනිප හා නව සන්ධාන වේදීකාවට ගොඩවෙයි.

ශ්‍රිලනිප – නව සන්ධාන ජන රැළි මාලාවේ වාර්තාගත ජනතාවක් වැල්ලවාය ජන රැළියට සහභාගි වීම විශේෂත්වයකි. ආර්ථිකය හා රට නිවැරදි දිශානතියකට ගෙන යා හැකි බලවේගය ශ්‍රිලනිපය හා නව සන්ධානය බැවින් ප්‍රගතිශීලි ජනතාව, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන දිනෙන් දින සන්ධානය වටා ඒකරාශී වෙමින් සිටින බවත් ඉදිරියේදී දැවැන්තම සන්ධානය ගොඩ නඟන බව සන්ධාන නයකයින් ප්‍රකාශ කරයි.

මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, එස්.වියාලේන්ද්‍රන්, ජගත් ප්‍රියංකර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නව සන්ධානයට සහය දක්වන පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වී සිටියහ.

TEAM CNF 02

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

23 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago