සෞඛ්‍ය

මත්ද්‍රව්‍ය කිලෝ 1200කට අධික ප්‍රමාණයක් විනාශ කරයි !

අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,208 කට අධික තොගයක් අද (29) විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසනවා.

වනාතවිල්ලුව ලැක්ටොස් වත්තේ පිහිටි අධිබල මත්ද්‍රව්‍ය දහනය කිරීමේ උඳුන භාවිතයෙන් මෙම විනාශ කිරීම් සිදුකරන බව එම මූලස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 614යි ග්‍රෑම් 36 ක්, හෙරොයින් කිලෝ ග්‍රෑම් 13යි ග්‍රෑම් 686 ක් සහ කෙටමින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 581 ග්‍රෑම් 34 ක් විනාශ කිරීමට නියමිතයි

මෙම මත්ද්‍රව්‍ය තොගය අද උදෑසන මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් කොළඹ මහ අධිකරණයේදී භාර ගෙන පෙරවරු 9.30 වනාතවිල්දුව ලැක්ටොස් වත්තේ පිහිට අධිබල මත්ද්‍රව්‍ය දහනය කිරීමේ උඳුන භාවිතයෙන් විනාශ කිරීමට නියමිතව තිබුණා.

පුත්තලම මහෙස්ත්‍රාත්, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නියෝජිතයින්, රජයේ රස පරීක්ෂක සහ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ එම කටයුතු සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

43 minutes ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

2 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

3 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

4 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

6 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

6 hours ago