එළබෙන ප්‍රංශ ඔලිම්පික් උළෙලට මලල ක්‍රීඩාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ ලොව පුරා තේරීම් අද (ජූනි 30) රාත්‍රියෙන් අවසන් වන අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවද විශේෂ තේරීම් තරගයක් අද දියගමදී පවත්වනු ලැබුවා.
කෙසේ වෙතත් මෙම තරගය ඉසව් 04කට පමණක් සීමාවූ අතර, ඒ සඳහා තරග කරනු ලැබුවේ ඔලිම්පික් පරිසාදන මට්ටම ආසන්නයට පැමිණ සිටි අය පමණි.
නමුත් මෙම කිසිඳු ඉසව්වකින් ඍජු සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදාකරගැනීමට කිසිවෙකුට හෝ නොහැකි විය.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඇතැම් අය ඔලිම්පික් උළෙලට තෝරාගන්නා ශ්‍රේණිගත කිරීම් අතර සිටි අයයි.
නමුත් රටවල් රැසක ශ්‍රී ලංකාව හා සමානව තේරීම් තරග මේ මොහොත වනවිටත් පවත්වන නිසා, මෙරටින් සුදුසුකම් ලබන පිරිස තීරණය වන්නේ අද රාත්‍රියෙන් පසුවයි.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් සිවුදෙනෙකු ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ආසන්නයට පැමිණ සිටින අතර, ඉන් ආසියානු පදක්කම්ලාභී මී. 800 ඉසව්ව නියෝජනය කරන තරුෂි කරුණාරත්න ඉදිරියෙන්ම සිටියි.
ඇයට මෙම තේරීම් තරගයේදී බලාපොරොත්තු වූ කාලය වාර්තා කිරීමට නොහැකි විය.
ඔලිම්පික් උළෙලේදී තරුෂි තරගකරන ඉසව්වට 45 දෙනෙකුට ඍජු අවස්ථාව හිමිවන අතර, තරුෂි දැනට එම අය අතර සිටියි.
මී. 800 ඉසව්ව වෙනුවට අද පැවැතියේ මී. 600 ඉසව්ව අවසන් කිරීම සඳහා තරුෂි විනාඩි 1.26.99ක කාලයක් වාර්තා කළා. (මී. 800 ඉසව්වට සුදුසුකම් ලැබීමේ පරිසාදන ලකුණු උපයාගත හැකි ඉසව්වක් ලෙස මී. 600 ඉසව්වද සැලකෙයි)
මේ අතර කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින් දිල්හානි ලේකම්ගේද ඔලිම්පික් කඩයිම පෙනෙන මානයට පැමිණ සිටියත් ඇයටද, ඊට ළංවීමට අද නොහැකි වුණා.
දිල්හානිද ඍජු සුදුසුකම් ලැබීමට අවම මීටර 64ක දුරක් විසිකළ යුතු වුවත්, අද පැවැති තරගයේදී ඇයට හෙල්ලය විසිකළ හැකිවූයේ මී. 55.88ක දුරක් පමණි.
ඔලිම්පික් දොරටුව විවර කරගැනීමට දැඩි සටනක් දෙන අනෙක් දෙදෙනා වන්නේ මීටර 400 ඉසව්ව නියෝජනය කරන අරුණ දර්ශන හා කාලිංග කුමාරගේයි.
මෙම ඉසව්වේ පරිසාදන මට්ටම වන්නේ තත්. 45.00 හෝ ඊට අඩුවෙන් තරගය අවසන් කිරීමයි.
නමුත් තේරීම් තරගයෙදී අරුණ පෙරමුණ හිමිකරගත්තද, ඔහුට තරගය අවසන් කිරීම සඳහා තත්. 45.49ක කාලයක් ගතවිය.
මීට අමරතරව මෙම විශේෂ තේරීම් තරගයට මී. 100 ඉසව්ද ඇතුළත් කර තිබූ අතර, ඒ සඳහා ආබාධ මධ්‍යයේ සහභාගි වූ යුපුන් අබේකෝන්ට තරගය අවසන් කිරීමට නොහැකි විය.
එහි පෙරමුණ හිමිකරගත්තේ තත්. 10.62කින් තරගය අවසන් කළ චමෝද් යෝදසිංහයි.
මේ අතර පසුගියදා හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිට වූ රුමේෂ් තරංගද ඔලිම්පික් වරම් සොයා මේ වනවිට ඉන්දියාවට ගොස් සිටිනවා.
ඉන්දීය ජාතික ශූරතාව මේ දිනවල පැවැත්වෙන අතර, එහි රුමේෂ් සහභාගිවන ඉසව්ව අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
රුමේෂ් පසුගියදා දකුණු කොරියාවේ දී නිමාවට පත් වූ ආසියානු විසිකිරීමේ ශූරතාවලියේදී මීටර් 85.45ක දුරක් වාර්තා කළ අතර, ඔහු මීටර් 85.50ක දුරක් වාර්තා කර තිබුණේ නම් ඔලිම්පික් සඳහා ඍජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් මීටර් 85.45 යනු මෙම වසරේ වාර්තා වූ දුර ප්‍රමාණය අතර 09 වැන්නයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
Event එක තිබ්බෙ වරුසාවෙ කියල කියනවා