ඊයේ ආරම්භ වූ ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේ දී Marine Le Pen ගේ අන්ත දක්ෂිණාංශික National Rally (RN) පක්ෂය පෙරමුණ ගෙන ඇති බව වාර්තා වනවා.
එම පක්ෂය වෙන කවරදාටත් වඩා බලයේ දොරටු වෙත සමීප වී තිබෙන බවයි ප්‍රංශ දේශපාලන විචරාකයන් පවසන්නේ.
ප්‍රංශ ජනතාව ඉතා යුහුසුළුව ඡන්දය ප්‍රකාශ කිරීම දක්නට ලැබී ඇති අතර, National Rally (RN) පක්ෂය 34% ඡන්ද ලබා ගනිමින් ඉදිරියෙන් සිටින අතර වාමාංශික New Popular Front (NFP) සභාගය 28.1% ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවනවා.
ජනාධිපති Emmanuel Macron ගේ සමූහ සන්ධානය 20.3% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් තෙවන ස්ථානය දක්වා පහත වැටී ඇති බව සඳහන්.
අන්ත දක්ෂිණාංශිකයින් ප්‍රංශ පාර්ලිමෙන්තුවවන ජාතික සභාවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගනුඇතැයි මත පළ වූවත්
එයට නිරපේක්ෂ බහුතරයක් සඳහා අවශ්‍ය ආසන 289 ම දිනා ගැණීමට හැකියාවක් නොලැබෙණු ඇති බව සඳහන්.
එම නිසාම අස්තාවර පාර්ලිමෙන්තුවක් සමගින් වඩාත් දේශපාලන අවිනිශ්චිතතාවයක් කරා මෙම පාර්ලිමෙන්තු මැතිවරණය ඔස්සේ ප්‍රංශය ගමන් කරනු ඇති බවටයි සඳහන් වන්නේ.
ලබන ඉරිදා ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීම පැවැත්වෙන අතර, වත්මන් ජනපති මැක්‍රෝන්ට ඔහුගේ ජනාධිපති ධූර කාලයෙහි ඉතිරි වසර තුන විරුද්ධ පක්ෂයක අගමැතිවරයෙකු සමග අමිහිරි හවුලක් සමග ගෙවා දැමීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…