වෙරළබඩ පොලිස් වසමට අයත් ජම්පටා වීදිය ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකළ ක්ෂණික විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 34ක් ඇතුළු පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙරළබඩ පොලීසිය කියයි.
හෙරොයින්, අයිස් හා ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් 13ක් මෙන්ම වරෙන්තුකරුවන් දෙදෙනෙක් ද ඒ අතර වන බව පොලීසිය කීය.
යුක්තිය මෙහෙයුමට සමගාමීව අපරාධ වැළැක්වීමේ විශේෂ රාජකාරී යටතේ කොච්චිකඩේ පල්ලිය අසලින් සහ ජම්පටා විදිය බෝධිය අසලින් මාර්ගය වසා පැය 2කට ආසන්න කාලයක් සිදුකළ මෙහෙයුමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
මෙම විශේෂ මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අට දෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිස් දෙනෙකු මෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් පොලිස් නිල සුනඛයන්ද සහභාගී කර ගැනිණි .
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…