සමාජ මාධ්‍යයේ සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසියෙන් නිවේදනයක් !

මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත්ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනයක් සහිතව කහ පැහැති පසුබිමේ අදාළ ලිපිය සකස් කර ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් 2024 ජූලි 1 වනදා නිකුත් කළ බවට හැඟවෙන ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් අදාළ ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

මෙම ලිපිය හා එහි අන්තර්ගතය සම්පුර්ණයෙන්ම ව්‍යාජව සකස් කරන ලද ලිපියක් වන අතර, ශ්‍රී ලංකා පොලීසිය මඟින් හෝ ඊට අනුබද්ධ ආයතනයක් මඟින් මෙවැනි ලිපියක් නිකුත් කර නොමැති බවට හා ඒ සඳහා නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සකස් කරන ලද ව්‍යාජ ලිපිය සහ එම ලිපිය අන්තර්ජාලයට යොමු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද පොලීසිය පවසයි.

අදාළ ව්‍යාජ ලිපියේ පිටපතක් ජනතාවගේ දැනගැනීම පිණිස පොලීසිය විසින් නිකුත් කර ඇත.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago