කොම්පඤ්ඤ වීදියේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයකින් වැටී අවුරුදු 15ක් වයසැති සිසුවෙක් සහ සිසුවියක් මියගොස් තිබෙනවා.
මහල් 70කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ 03 වන මහලේ පිහිටි වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබී මොවුන් දෙදෙනාගේ මළ සිරුරු හමුවී ඇත්තේ ඊයේ රාත්‍රියේයි.
සිද්ධියෙන් මියගිය පිරිමි දරුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර දැරිය කැළණිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක බවයි පොලිසිය සඳහන් කළේ.
මොවුන් දෙදෙනා කොළඹ පෞද්ගලික පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
ඊයේ පාසැල් නිම වී මොවුන් දෙදෙනා අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථාන වෙත ගොස් එහිදී පාසැල් ඇදුම් මාරු කර අදාළ බෑග එම මධ්‍යස්ථානය තුළ තබා 67 වන මහලට ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
මේවන විට මියගිය සිසුවාගේ සහ සිසුවියගේ දෙපාර්ශවයේ දෙමාපියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන අතර දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ද නොතිබු බව දෙමව්පියන් විසින් එහිදී සඳහන් කර ඇතිබව වාර්තා වෙනවා.
දෙදෙනාගේ මෘත ශරීර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෆොන්සේකා පිළිබඳ ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු…
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.…
https://youtu.be/qN7bJuupJqk?si=WPQuVbQk9wM56HVQ
කුසල් මෙන්ඩිස් සිය ක්‍රිකට් දිවියේ 06 වන එක්දින ශතකය වාර්තා කිරීමට අද සමත් විය. ඒ…
කොටහේන ප්‍රදේශයේදී ඉකුත්දා ගොඩනැඟිල්ලකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර…
2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.…