ව්‍යාජ රන්භාණ්ඩ උපයෝගී කරගනිමින් රුපියල් 19,670,000ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බදුල්ලේ පෞද්ගලික මූල්‍ය ආයතනයක රන් භාණ්ඩ උකස් අංශයේ නිලධාරියෙක්ව මෙම ජාවාරම සම්බන්ධයෙන් බදුල්ල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
පෞද්ගලික මුල්‍ය ආයතනයේ කළමණාකරු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය මේ පිළිබඳ විමර්ශන සිදුකර ඇත.
සැකකරුගේ ප්‍රකාශය මත සිදුකළ විමර්ශනවලදී මෙම වංචාව සඳහා යොදාගත් මාල, මුදු, වළලු, අත්පළදනා සහ පෙන්ඩන්ට්ස් යනාදී ව්‍යාජ ස්වර්ණාභරණ 41ක් සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවත් පොලීසිය සඳහන් කළේය.
විවිධ පුද්ගලයන් මෙම මූල්‍ය ආයතනය වෙත පැමිණ ස්වර්ණාභරණ උකස් කරන විට සැකකරු ඒවා සඳහා ව්‍යාජ කූඨ ලේඛන නිකුත්කර ඇති බවත්, ඉන්පසු එම ස්වර්ණාභරණවලට සමාන (ඉමිටේෂන්) ස්වර්ණාභරණ ඔන්ලයින් ක්‍රමයට ගෙන්වාගෙන ඒවා අදාළ කවරවලට දමා නියම රන් භාණ්ඩ උකස් කර මුදල් ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
උකස් කළ ස්වර්භාරණවලට අදාළ පොලිය ඒවායේ අයිතිකරුවන් නමින් සැකකරු විසින්ම ගෙවා ඇතිබව ද අනාවරණය වී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…