කොම්පඤ්ඤ වීදීයේ පිහිටි අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණයෙන් වැටී ජීවිතක්ෂයට පත් වූ පාසල් සිසුවා සහ සිසුවියගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කොළඹ ජාතික රෝහලේ දී සිදුකළ අතර එහිදී මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.
මෙය සිය දිවි හානි කරගැනීමක් බවට පොලිසිය සැක කළත් මෙම මරණ තවමත් අභිරහසක් වන අතර තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
මහල් 70කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ 03 වන මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර තිබූ ස්ථානයේ තිබී මොවුන්ගේ මළ සිරුරු සොයා ගැනුණේ පෙරේදා පස්වරුවේයි.
මෙලෙස මියගොස් තිබුණේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් සහ කැළණිය ප්‍රදේශයේ පදිංචි සිසුවියක් වන අතර මොවුන් 15 හැවිරිදි වියේ පසුවනවා.
කොළඹ ජාත්‍යන්තර පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොවුන් පෙරේදා පාසැල නිමවී කොම්පඤ්ඤ වීදියේ ස්ටැපල් ප්‍රදේශයේ පිහිටි මහල් 70කින් යුත් අදාල සුපිරි මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණ තිබුණා.එහි 05 වන මහලේ පිහිටි කාය වර්ධන මධ්‍යස්ථානය වෙත ගොස් ඇති ඔවුන් එම ස්ථානයේදී සිය පාසැල් ඇඳුම් මාරු කර වෙනත් ඇදුම් පැළද 67 වන මහලට පිටව ගොස් ඇති බවයි සී.සී.ටී.වී දර්ශනවල දැක්වෙන්නේ.
පසුව ඔවුන් මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලට පිටතින් බැසීමට ඇති පඩිපෙළ ගොස් සිය පාවහන් ගලවා මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනද එම ස්ථානයේ තබා තිබෙනවා.එසේම එම ස්ථානයේ තිබී දුම්වැටි පැකට්ටුවක් සහ හිස් ලියුම් කවරයක් ද පොලිසිය සොයාගෙන තිබුණා.
මෙම සිසුවිය මීට පෙර අවස්ථාවකදීද සියදිවි නසාගැනීමට උත්සහා දරා ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබූ ඇති බවට මේවන තෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
පොලිස් නිලධාරින් යැයි කියමින් කහවත්තේදී තරුණයකු පැහැරගෙන ගොස් මාංචු දමා දණගස්වා හිසට වෙඩි තබා ඝාතනය…
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති…
ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරු තැන්පත් කරන ශීතකරණය මේ වන විට මාස හයකට…
භාණ්ඩාගාරය විසින් පූර්ව රජය සමයේදී භාරගත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සම්පූර්ණ ණය මුදල…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 11ක පමණ හිඟ බදු මුදලක් ඉවත් කර දීම…
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය…