ශ්‍රී ලංකා

ජනප්‍රිය රසායන විද්‍යා ගුරුවරයෙකු අත්අඩංගුවට !

ව්‍යාපාරිකයෙකුට රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදල් වංචා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උසස් පෙළ රසායන විද්‍යා විශය සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් පවත්වා එම උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන උපකාරක පන්ති ගුරුවරයා පැමිණිලිකරුගේ සමීපතම මිතුරෙකු වන අතර මිතුරා හෝටලයක අයිතිකරුවෙකු බවත් පැවසෙනවා.

හෝටලයෙන් පරිහරණය කර පසුව ඉවත් කරන ලද රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් වටිනා ගෘහ භාණ්ඩ තොගයක් උපකාරක පන්ති පවත්වන ගුරුවරයාට විකුණා අතැයි ද සැකකරු ඒ වෙනුවෙන් චෙක්පත් ලබා දී ඇති අතර දිගින් දිගටම එවා අගරුවීම නිසාත් මුදල් ලබා නොදී වංචා කිරීම නිසාත් මේ සම්බන්දයෙන් ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago