යාපනය තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කාන්තා හා ළමා නිවාස වහාම ක්‍රියාත්මක වන ලෙස වසා දැමීමට පියවර ගන්නා මෙන් උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්. චාර්ල්ස් ඊයේ (3 ) ළමා ආරක්ෂණ අධිකාරිය වෙත උපදෙස් දී තිබේ.
තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කාන්තා නිවාසයක් සහ ලියාපදිංචි නොකළ ළමා නිවාසයක් තුළ අනිසි ලෙස සවි කරණ ලද සී.සී.ටී.වී කැමරා පද්ධතියක් මගින් එම නිවාස දෙකේම නාන කාමර වල නිරුවත් දර්ශ්න නැරඹූ බවට මීට පෙර පැමිණිලි කීපයක්ම ළමා හා පරිවාස ඒකකය වෙතද ආණ්ඩුකාරවරිය වෙතද ලැබී තිබුණි.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස පත් කළ කමිටු වාර්තාවේ සදහන් වී ඇත්තේ පැමිණිල්ලේ සඳහන් කරුණු සියල්ලම සත්‍ය බවයි.
මේ වාර්තාව ආණ්ඩුකාරවරිය වෙත ලැබුණු පසුව වහාම එම ස්ථාන දෙක වසා දමා ඒවායෙහි බාරකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ආණ්ඩුකාරවරිය පරිවාස හා ළමා සුබසාධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට දැණුම් දී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…