තලාව , සුමුදුගම ප්‍රදේශයේ නීති විරෝධිව පවත්වාගෙන ගිය කසිප්පු පොලක් වැටලිමට ගිය තලාව පොලිස් ස්ථානාධිපති (OIC) ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.එම්.එම්.කේ.ලංසකාර මහතාට පුද්ගලයෙකු විසින් මන්නා පිහියකින් පහරදිමේ හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
ලැබුණු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් නිති විරෝධි කසිප්පු පොල වැටලීමට ගොස් තිබේ.
එහිදී මත්පැන් ජාවාරම්කරුවා සහ ඔහුගේ හිතවතුන් පොලිස් නිලධාරින්ට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරිමේ හේතුවෙන් එම පොලිස් නිලධාරින් විසින් ඒ බව තලාව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්දි තිබෙනවා.
අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් ස්ථානාධිපතිවරයා ගැටුම සමථයකට පත්කොට සැකකරැවන් අත්අඩංගුවට ගැනිමට උත්සහා කිරිමේදි පුද්ගලයෙකු විසින් මන්නා පිහියකින් පහර දිමේ හේතුවෙන් ඔහුගේ හිසට හා වම් අතට බරපතල තුවාල සිදුවිම නිසා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කරන ලද බව පොලිසිය පැවසිය.
සිද්ධිය සම්බන්ධයෙන් සුමුදුගම ප්‍රදේශයේ වයස අවුරුදු 30 ත් 49 අතර වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…